on Tuesday, February 4, 2014

හම්මා , සාගත හමුදාව මේ දවස් වල විසිරි පැතිරී ගිහිල්ල කියල ආරංචි. මොකද සොල්දාදුවෝ තුන්දෙනේක්ම උසස් අධ්‍යාපනය කියන එකට ඉගෙන ගන්න පරණ අගනුවරට ( ඇයි අර බස්නාහිර පළාතේ තියෙන්නේ ) ගිහිල්ලලු. මං තුමා ඉතින් කාගේ කගේ හරි කුණු ටිකක් හොයාගෙන පාඩුවේ ඉන්නවලු. ආ දැන් මුන්නැහෙලට කිව්වේ නැනේ සාගත හමුදාවේ ආරම්බය. හි හි.

මං ඉතින් ඉස්සර කලාවට බර කළා රිටක්. අපේ සැට් එකේ යක්ෂ ගෝත්‍රිකය ඇරුනම ඉතුරු උන් ටිකත් ඉතීන් එහෙම්මම තමයි. අපේ භට කණ්ඩය  ට්‍රේනින් උනේ ඔය බින්තැන්න පත්තුවේ ලොකු කොලිජියක. දැන් මුන්නැහෙලට පුරස්නයක් ඇති ඒ පැත්තේ කොයින්ද කොලිජි? . ප්‍රශ්න අහන්න එපා, තියෙනවා. හරිය. අපේ පාසින් අවුට් එක තිබුනේ 2007 දී. පොඩි කොල්ලෝ නේද. හී. හී.  අපි ඉතින් නිකමට පෝලිම් කරලා විභාග පාස් වෙලා ලොකුවට පෝලිම් කොරන්න පටන් ගත්ත. මං තුමා ඒ කාලේ ලොකු ලොකු නිල තල දරපු උත්තමයෙක් . ඒ කිව්වේ මෙහෙමයි. අපේ කැලෑසියේ භටයෝ 16යි. භට්ටියෝ ඊට වැඩියි. ඔකුන්ගෙන 12ක් ශිෂ්‍ය නායකයෝ. තව 2ක් ශිෂ්‍ය භටයෝ. තව එකෙක් සාජන් , ඉතුරු එකා කෝප්‍රල්. මං තමයි ඉතුරු අන්තිමයා. ඉතින් අපේ පන්ති භාර ගුරුතුමා මට දුන්න පන්ති නායක කම. ඇයි දෙන්න වෙන එකෙක් නැනේ. හැබැයි හොදකට තිබුනේ පන්ති නායකි හොද කෙල්ල ඈ. වාර්තා පොත, නම් පොත ඔක්කොම ගේනවා. මං ඉතින් දෙයියනේ කියල දෙවැනි පීරියඩ් එකේ එනවා පන්තියට . මොකද අපේ ගේ තිබුනේ කොලීජියට කිලෝමීටර භාගයක් ඉතර දුරින්. යකෝ දවසකට කිලෝමීටරයක් පයින් යනවා කියන්නේ සෙල්ලම්ද.

හා මං කියන්න ගියේ සාගත හමුදාවේ ආරම්බය ගැන නේ. අපේ කැලෑසි වලට සිංහල ඉගැන්නුවේ සර්ලා තුන් දෙනෙක්. අපි සාමාන්‍යයෙන් මහ දවල් දහයට විතර දිවා ආහාරය එහෙම නැත්නම් ලන්ච් එක ගන්නවා පලවෙනි පාරට. ඉතින් දවසක් සෙට් එකම කාල පන්තියට යනකොට සිංහල සර් පන්තියේ. "ආ සාගත හමුදාව එනවා" කියල පටන් ගත්ත කින්ඩිය දාන්න. හුට පටස් කියල දැන් හැමෝම එනම රෙජිස්ටර් කරගෙන පාවිච්චි කරන්න ගත්ත. එපා කිව්වට නවත්වයි යැයි.